පුවත්
අතිගරු ජනාධිපතිතුමා ත්‍රිකුණාමලය මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කළේය.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 සැප්තැම්බර් 16
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
රුපියල් මිලියන 4185ක සම්පූර්ණ වියදමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ ඉදිකෙරෙන නව හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කළේය.
රුපියල් මිලියන 4185ක සම්පූර්ණ වියදමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ ඉදිකෙරෙන නව හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කළේය.
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය සහාය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 2403ක් සහ උපකරණ සඳහා රුපියල් මිලියන 1782ක් වෙන් කර ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජනතාවට ලබා දුන් පොරොන්දුවක් යථාර්ථයක් කරමින් ආරම්භ කළ අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මහල් 08කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2028 මැයි මාසය වන විට අවසන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, සෞඛ්‍ය හා ජන මාධ්‍යය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා , ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගේඕ හොන්සු (Shigeo Honzu) යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම රෝහල් අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.