පුවත්
ග්‍රාමීය කර්මාන්ත යනු අපගේ සංස්කෘතියයි, සංස්කෘතියක් කිසි දිනක මිය යන්නේ නැහැ..
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 සැප්තැම්බර් 6
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව, ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාත් සංචාරක කාර්යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hands & Heritage East 2026 වෙළද සල්පිල හා ප්‍රදර්ශනය පසුගිය දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව අමතමින් ආණ්ඩුකාරතුමා, අවුරුදු තිහක යුද්ධයෙන් අපගේ දෑත් වල උරුමය විනාශ කර දමීමට නොහැකි වූ අතර ,නැගෙනහිර පළාතේ දිස්ත්‍රීක්ක තුනෙහි පවතින සංස්කෘතිය, ධනවත් හා පොසත් බව මෙම ග්‍රාමීය කර්මාන්ත ප්‍රදර්ශණය හරහා පිළිබිගු වන බවත්, මෙහි මූලීක අරමුණ ග්‍රාමිය කර්මාන්තකරුවන් හා ව්‍යවසායකන් දිරිගැන්වීම, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන් අතර ව්‍යාපාර සදහා මගපෙන්වීම හා ඔවුන් හට වෙළදපොළ අවස්ථා සකස් කර දීම බව පැවසීය.
කුඩා හා මධ්‍ය ව්‍යවසායකයින් 200කට අධික පිරිසකගේ සහභාගිත්වයේ වෙළද කුටි ප්‍රදර්ශණය, ග්‍රාමීය කර්මාන්ත කෞතුකාගාර සජිවි අත්කම් නිර්මාණ, Fashion Show, ආහාර සැණකෙලිය, සංචාරක ඉලක්කගත කර්මාන්ත හදුන්වාදීම හා සජීවි තාක්ෂණික සැසිවාර යන අංගයනගෙන් යුතුව මෙම ප්‍රදර්ශණය හා වෙළද සල්පිල දින 04ක් පුරා මඩකපුව නගරයේදී පැවැත්වේ.
ආරම්භක අවස්ථාව සදහා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතා , මඩකළපුව දිස්ත්‍රීක් ලේකම්, මඩකලපුව මහ නගර සභාවේ නගරධිපති, නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව, ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාත් සංචාරක කාර්යාංශය නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.