ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගෝලීය එල් නිනෝ තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී.

දිනය
2026 සැප්තැම්බර් 4
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ගෝලීය එල්නීනෝ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතට බලපා ඇති අධික උෂ්ණත්ව හා වියළි කාළගුණය හේතුවෙන් පළාත තුළ පීඩාවට පත් වී ඇති ජනතාව වෙත අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීම සදහා විශේෂ සාකච්ඡාවක්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී ඊයේ දින (03) පැවැත්විණ.

මෙහිදි ප්‍රධාන වශයෙන් පළාත තුළ පානීය ජල මූලාශ්‍ර අධික උෂ්ණත්වයත් සමග අවම ජල මට්ටමක පැවතීම හේතුවෙන්, ජනතාවගේ පානීය ජල ගැටළුව හා එදිනෙදා නිවෙස්වල භාවිතයට ගනු ලබන නල ජලය උග්‍ර ගැටළුවක් වී ඇති බැවින් ඒ සදහා කඩිනම් පියවර ගන්නා ලෙසට පලාත් පාලන ආයතන වෙත හා ජල සම්පාදන මණ්ඩලය වෙත උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව කෘෂි කාර්මික කටයුතු සදහා ජල කලමණාකරනය හා අදාල වන්දි මුදල් ලබා දීම පිළිබද අදාල අංශ දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.ගුණනාදන් මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන්, ආපදා කළමනාකාරණ ඒකකයේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සම්බන්ධ විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/602-a-special-discussion-on-global-el-nino-situation-at-the-east වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා