පුවත්
ගරු ආණ්ඩුකාරතුමා සහ ස්විට්සර්ලන්ත තානාපතිතුමා අතර හමුව
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ජූනි 11
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වොල්ට් (Siri Walt) මහත්මිය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (11) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වොල්ට් (Siri Walt) මහත්මිය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (11) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණ.
මෙහිදි නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය හා කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීම වැනි කරුණු පිළිබදව මෙහිදි දීර්ඝ ව සාකච්ඡා කෙරිණ.
මීට අමතරව නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබද ව සාකච්ඡා කළ අතර, ඉඩම් ගැටලු විසදීම සදහා ශ්‍රී ලංකා රජය විසින් හා ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ අවධානයක් යොමු කොට පළාත් සභාව හා මධ්‍යම රජය ඒකාබද්ධව ඉඩම් ගැටළු විසදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බව ආණ්ඩුකාරතමන් විසින් පැහැදිලි කරන ලදී. ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය හා ආයෝජන පිළිබද සාකච්ඡා කළ අතර, ආයෝජන සදහා ආයෝජකයින්ට හිතකර පරිසරයක් වර්තමානයේ සකසා ඇති ආකාරය පිළිබදව සාකච්ඡා කෙරිණ.
නැගෙනහිර පළාත තුළ ජන සාමුහිකත්වය හා ජන වර්ග අතර සාමය පිළිබද සාකච්ඡා කරන ලද අතර, වර්තමානයේ ශ්‍රී ලංකා රජය ගෙන යනු ලබන දුෂණයෙන් තොර පාලනය පිළිබදව තානාපතිනිය ප්‍රසාදය පළ කෙරිණ.
තානාපතිනිය ශ්‍රි ලංකාවේ රැදි සිටින අවසන් මාස කිහිපය වන අතර, ඇය ශ්‍රි ලංකාවේ රාජකාරි හමාර කර යාමට පෙර නැගෙනහිර පළාත් සංචාරය සිදු කරන බව පැවසීය.