පුවත්
ගරු ආණ්ඩුකාරතුමා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමා අතර හමුව
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ජූනි 10
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (10) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (10) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණ.
මහ කොමසාරිස්වරයාගේ ප්‍රථම නැගෙනහිර පළාත් සංචාරය වන අතර, මෙහිදි නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු හා ඔස්ට්‍රේලියානු රජයෙන් ඒ සදහා ලබා දිය හැකි සහයෝගය පිළිබදව, සමුද්‍රීය හා කලාපයේ ආරක්ෂාව පිළිබදව හා සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය හා කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීම වැනි කරුණු පිළිබදව මෙහිදි දීර්ඝ ව සාකච්ඡා කෙරිණ.
මීට අමතරව නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබද ව සාකච්ඡා කළ අතර, ඉඩම් ගැටලු විසදීම සදහා ශ්‍රී ලංකා රජය විසින් හා ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ අවධානයක් යොමු කොට පළාත් සභාව හා මධ්‍යම රජය ඒකාබද්ධව ඉඩම් ගැටළු විසදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බව ආණ්ඩුකාරතමන් විසින් පැහැදිලි කරම ලදී. ලංකාවේ කර්මාන්ත හා ආයෝජන පිළිබද සාකච්ඡා කළ අතර, ආයෝජන සදහා ආයෝජකයින්ට හිතකර පරිසරයක් වර්තමානයේ සකසා ඇති ආකාරය පිළිබදව සාකච්ඡා කෙරිණ.
ඕස්ට්‍රේලියානු රජය හා ශ්‍රී ලංකා රජය ඉතා ශක්තිමත් සම්බන්ධයක් පවතින බවත්, මෙහිදි නැගෙනහිර පළාත සමග සමීප හා ශක්තිමත් සම්බන්ධයකින් කටයුතු කරන බවද මහ කොමසාරිස්තුමන් විසින් ප්‍රකාශ කරන ලදී.