ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

සියම් සදහම් පාද යාත්‍රා 2026

දිනය
2026 ජූනි 10
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

සියම් මහා නිකායේ උපසම්පදා විනය කර්මය ශ්‍රී ලාංකාව තුළ පිහිටුවා වසර 273 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සියම් දේශය, ලාඕසය හා මියෙන්මාරයෙන් වඩින ලද භික්‍ෂූන් වහන්සේලා 56 නමක් අද (10) ත්‍රිකුණාමලය ගෝකණ්ණ රජමහා විහාරයේ සිට සෙංකඩගල දක්වා පාද යාත්‍රාවෙන් වැඩම කරවීම ආරම්භ කරනු ලැබීය.

සියම් මහා නිකායේ උපසම්පදා විනය කර්මය ශ්‍රී ලාංකාව තුළ පිහිටුවා වසර 273 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සියම් දේශය, ලාඕසය හා මියෙන්මාරයෙන් වඩින ලද භික්‍ෂූන් වහන්සේලා 56 නමක් අද (10) ත්‍රිකුණාමලය ගෝකණ්ණ රජමහා විහාරයේ සිට සෙංකඩගල දක්වා පාද යාත්‍රාවෙන් වැඩම කරවීම ආරම්භ කරනු ලැබීය.

"සියම් දහම් පාද යාත්‍රා"යනුවෙන් නම්කර තිබූ මෙම පාද යාත්‍රාව මෙවර සිදු කරනු ලැබුවේ දෙවන වරටය.පාද යාත්‍රාව ආරම්භ කිරීමට පෙර ගෝකණ්ණ රජ මහා විහාරස්ථ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිය පිටදී ආගමික වතාවත් ඉටු කෙරිණි. පෙර කල ලංකාවේ නැතිවී ගිය නිර්මල බුදු දහම සහ උපසම්පදා විනය කර්මය යළි ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා සියම් දේශයට වැඩම කළ උපාලි හිමි ඇතුළු පිරිස යළි ලංකාවට මීට වසර 273 කට පෙර රුවල් නෞකාවක් මගින් ත්‍රිකුණාමලය පැරණි ගෝකන්න වරායට වැඩම කරවිම සිහි ගනවමින් ගෝකණ්ණ රජමහා විහාරයේ සිටි මෙම පාද යාත්‍රාව ආරම්භ කිරීම විශේෂත්වයක් විය.එදා උපාලි හිමියන් රැගෙන ආ උපසම්පදා විනය කර්මය සෙංකඩගල පුරවරයට පා ගමනින් රැගෙන යෑම මෙහිදී සිහිගැන්වීම විශේෂත්වයකි.

තායිලන්තයේ මහා චූලාලම්පෝර් විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පුජ්‍ය වල්මෝරුවේ පියරතන හිමි ඇතුළු පිරිස මෙය සංවිධානය කළ තිබූ අතර මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, ශ්‍රී ලංකා තායිලන්ත තානාපති පායිතුන් මහාපන්නපෝන් (Paitoon Mahapannapoon ) , දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර, නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.යු මහින්ද දිසානායක 22 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාංචන විජේසේකර යන මහත්වරුන් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ නිර්මල බුද්ධ ධර්මය සහ උපසම්පදා විනය කර්මය පිහිටුවා වසර දෙසීය හැත්ත තුනක් සම්පූර්ණ වීම සිහිගන්වමින් ගෝකණ්ණ විහාරයේදි තායිලන්ත කුල කාන්තාවන් තිදෙනෙකු දස සිල් මාතාවන් බවට පත්වීමද විශේෂත්වයක් වූහ.

මෙම සදහම් පාද යාත්‍රාව ත්‍රීකුණාමලයේ සිට කන්තලේ,හබරණ,අනුරාධපුරය,කුරුනෑගල,මාතලේ හරහා මහනුනර දක්වා ලබන 20 වනදා දක්වා පාද යාත්‍රා කෙරේ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/568-siam-padha-yatra-2026 වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා