පුවත්
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඉඩම් ගැටළු විසඳීම සඳහා සිවිල් - හමුදා සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ජූනි 5
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ආරක්ෂක අංශ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් සිවිල්-හමුදා සම්බන්ධීකරණ රැස්වීම පසු ගිය දින (2025.06.03) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා යන අයගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පවත්වන ලදි.

එහිදී ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව, පවතින ඉඩම් හිමිකාරීත්ව ගැටලු විසඳීම, සමාජීය ආර්ථිකය වර්ධනය කිරීම සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිස්ත්‍රීක්කයේ ඇති ඉඩම් ගැටළු එකින් ඒක දිර්ඝව සාකාච්ඡා කළ අතර, ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දීම සහ රජයේ මෙන්ම, පෞද්ගලිකව භාවිත කරනු ලබන ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීම අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම මත දිගුකාලීන ස්ථාවරත්වය රඳා පවතින බවද මෙහිදි අවධාරණය කරන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් අදාළ ඉඩම් නිරීක්‍ෂණය කර, සිවිල් පරිපාලන නිලධාරීන් සහ ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් පැවති මෙම සාකච්ඡාවන්හි අරමුණ වන්නේ විනිවිදභාවයකින් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් හරහා, හදුනාගන්නා ලද ඉඩම් ,නිවාස ඉදිකිරීම, ධීවර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මහ ජනතාවට ලබාදීමට අවශ්‍යය නිසි ක්‍රියාමාර්ග ගැනීම බව ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
මෙම රැස්වීම සදහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ආරක්ෂක නිළධාරීන්, පොලිසීය, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය. මෙම රැස්වීමට පෙර, ආණ්ඩුකාරතුමා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නියෝජිත පිරිස ප්‍රදේශයේ වර්තමාන තත්වය නිරීක්‍ෂණය සඳහා ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.