ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

දිනය
2026 මැයි 7
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි 2026 වර්ෂයේ ප්‍රාග්ධන ව්‍යාපෘතින්හී වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මෙහි ප්‍රගති විමසීම් රැස්වීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි 2026 වර්ෂයේ ප්‍රාග්ධන ව්‍යාපෘතින්හී වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මෙහි ප්‍රගති විමසීම් රැස්වීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. මෙහිදි අමාත්‍යාංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරිය, පළාත් ගොඩනැගිලි දොර්තමේන්තුව හා පළාත් නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි ප්‍රසම්පාදන සැලැස්ම සමාලෝචනයන් පිළිබදව දිර්ඝව සාච්ච්ඡා කෙරිණ.

2026 වර්ෂයට අදාළ රාජ්‍ය පළාත් ප්‍රතිපාදන යටතේ මේ වන විට පළාත තුළ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වය, මුහුණ දී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කළ අතර, කඩිනමින් මෙම ව්‍යාපෘති නිම කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආණ්ඩුකාරතුමා විසින් නිළධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.

නැගෙනහිර පලාත් මාර්ග සංවර්ධන, වාරිමාර්ග,මෝටර්ථ හා ප්‍රවාහන, ගොඩනැගිලි හා ඉදිකිරීම්, නිවාස, ග්‍රාමීය විදුලියකරණය සහ ජල සැපයුම් අමාත්‍යාංශ ලේකම් පී.දයානන්දන් මහතා, නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් පී.වාගීෂන් මහතා හා අමාත්‍යංශයට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සභභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/551-progress-review-meeting-of-the-ministry-of-road-development වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා