පුවත්
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 මැයි 6
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂය සදහා ප්‍රසම්පාදන සැලැස්ම පිළිබද සමාලෝචන රැස්වීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂය සදහා ප්‍රසම්පාදන සැලැස්ම පිළිබද සමාලෝචන රැස්වීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. මෙහිදි අමාත්‍යාංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේතුව, පළාත් පෙර පාසල් කාර්යංශය යන ආයතනයන්හි ප්‍රගති සමාලෝචනයන් පිළිබදව මෙහිදි සාකච්ච්ඡා කෙරිණ.
නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ගුණනාදන් මහතා , නැගෙනහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ, නැගෙනහිර පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ, නැගෙනහිර පලාත් සංස්කෘතික දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සභභාගි විය.