ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පශු සම්පත් ගොවීන්ට වන්දි ප්‍රදානය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන්...

දිනය
2026 මැයි 3
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

2025 වසරේ නැගෙනහිර පළාතට බලපෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ පශු සම්පත් ගොවීන් වෙනුවෙන් වන්දි ලබාදීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (පැරණි කච්චේරි පරිශ්‍රය) පැවැත්විණි.

​2025 වසරේ නැගෙනහිර පළාතට බලපෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ පශු සම්පත් ගොවීන් වෙනුවෙන් වන්දි ලබාදීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (පැරණි කච්චේරි පරිශ්‍රය) පැවැත්විණි.

​නැගෙනහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන යටතේ, පළාතේ දිස්ත්‍රික්ක තුනම (මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර) ආවරණය වන පරිදි පීඩාවට පත් වූ ගොවීන් 2000කට අධික පිරිසක් සඳහා රුපියල් මිලියන 845කට අධික වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙහිදී මඩකපුව දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවීන් 905 දෙනෙකු වන්දි ලබා ගැනීම සදහා සුදුසුකම් ලබා ඇති අතර, ඒ සදහා රුපියල් මිලියන 270කට අධික මුදලක් අනුමත කොට ඇත.

​පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය යළි නගාසිටුවීම රජයේ මූලික අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමන් අවධාරණය කළේය. මෙම අවස්ථාවට පළාත් සභා නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/547-compensation-distribution-to-livestock-farmers-affected-by-c වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා