ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ටෝකියෝ සිමෙන්ති සමාගමේ සහයෝගය ඇතිව, ගරු ආණ්ඩුකාරතුමා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් සඳහා නිවාස ව්‍යාපෘතියක් දියත් කළේය.

දිනය
2026 මාර්තු 20
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් නිවාස හානි සහිත ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස ඉදි කර දීමේ වැඩසටහන අද දින (20) වෙරුගල් ප්‍රදේශයේ දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් නිවාස හානි සහිත ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස ඉදි කර දීමේ වැඩසටහන අද දින (20) වෙරුගල් ප්‍රදේශයේ දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ටෝකියෝ සිමෙන්ති ආයතනය මගින් මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා පූර්ණ අනුග්‍රහය ලබා දෙන අතර, එක් නිවසක් සදහා රුපියල් මිලියන 6.3කට අධික මුදලක් වෙන් කර ඇත. සංකේතාත්මක ව ආරම්භ වූ අද දින නිවාස දෙකක් සදහා මුල් ගල් තැන්පත් සිදු විය. මුල් අදියරේ දී නිවාස 5 ක් ඉදිකෙරෙන අතර මෙය ප්‍රතිලාභීන් වැඩි පිරිසකට ලබා දීමට ටෝකියෝ සිමෙන්ති ආයතනය හා රාජ්‍ය ආයතන කටයුතු සූදානම් කර ඇත.

මේ සදහා ටෝකියෝ සිමෙන්ති ආයතනයේ සාමාන්‍යාධිකාරි රවීන්ද්‍රන් මහතා, වෙරුගල් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.අනාස් මහතා, සේරුවිල ප්‍රාදේශීය ලේකම් ස්වර්ණතිලකා මහත්මිය, පළාත් නිවාස අධිකාරියේ සභාපති සුගුමාරන් මහතා, වෙරුගල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි.රාජේන්ද්‍රන් මහතා, ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා ජනතාව විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/538-hon-governor-launches-housing-programme-for-cyclone-dithwa-v වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා