පුවත්
ගරු ආණ්ඩුකාරතුමා විසින් මිරිදිය ධීවර අංශය ශක්තිමත් කිරීම සඳහා උපකරණ බෙදා දෙයි
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 මාර්තු 11
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
කලපු සහ වැව් ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර සමිතිවලට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන උපකරණ බෙදා දීම අද දින (11) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.
කලපු සහ වැව් ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර සමිතිවලට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන උපකරණ බෙදා දීම අද දින (11) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය. නැගෙනහිර පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ ඔරු සහ පාරු, දැල් ආම්පන්න, මාළු පෙට්ටි, කරවල නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ, මාළු තට්ටු, කකුළුවන් නිශ්පාදනය රීමට අවශ්‍ය කූඩු ආදිය ධීවර සමිති වෙත ප්‍රදානය කෙරිණ.
මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කරමින් එහි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙම උපකරණ ලබාදීම සිදුවිය.