පුවත්
නැගෙනහිර පළාත් ආපදා බලපෑම් සහ ප්‍රතිසාධන පියවර සමාලෝචනය ආණ්ඩුකාර කාර්යාල රැස්වීමේදී.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 දෙසැම්බර් 9
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතට සිදුවූ බලපෑම හා නැවත ජන ජිවීතය හැකි ඉක්මනින් යථාතත්ත්වයට පත් කරලීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග, මේ වන විට සිදු කෙරෙන ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය හා එහිදි මුහුණ පා ඇති ගැටළු හා එම ගැටළු නිරාකරණය සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකාච්චාවක් අද දින (09) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්‍යාලයේදී නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මූලිකත්වයෙන් පැවත්විණ.

මෙහිදි නැගෙනහිර පළාත තුළ ආපදා තත්ත්වයට මුහුණ දුන් ජනතාව සදහා රජය විසින් ලබාදෙන සහනයන් හි ප්‍රගතිය, අධ්‍යාපන, සෞඛ්‍ය, වාර්මාර්ග, ප්‍රවාහන, මහාමාර්ග, කර්මාන්ත හා කෘෂි කාර්මික ආදී ක්ෂේත්‍රයන් හට බලපෑම හා එම ක්ෂේත්‍ර නැවත නගා සිටුවීමට ගෙන ඇති පියවර හා එහි ප්‍රගතිය පිළිබද දීර්ඝව සාකාච්චා විය.
මේ සදහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නාමල් තලංගම, නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රීක් තුනෙහි දිස්ත්‍රීක් ලේකම් වරුන්, නැගෙනහිර පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුලු විශාල පිරිසක් මේ සදහා සම්බන්ධ විය.