පුවත්
NEXTGEN LEADERS ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ඔක්තෝබර් 30
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ජනාධිපති ලේකම් කාර්යාලයේ Clean Sri Lanka වැඩසටහන යටතේ දිවයිනේ සියලු රජයේ පාසැල් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක NEXTGEN LEADERS වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භය අද (30) ත්‍රීකුණාමලය හින්දු ජාතික පාසලේදී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ Clean Sri Lanka වැඩසටහන යටතේ දිවයිනේ සියලු රජයේ පාසැල් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක NEXTGEN LEADERS වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භය අද (30) ත්‍රීකුණාමලය හින්දු ජාතික පාසලේදී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
"ක්ලීන් ශ්‍රී ලංකා" ලංකා වැඩසටහනේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් ලෙස සැලකෙන ආචාර ධර්ම ක්ෂේත්‍රය ඔස්සේ සමාජයේ සිදු කළ හැකි ධනාත්මක වෙනස අපේක්ෂාවෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන පාසල් දරුවන්ගේ මෘදු කුසලතා සංවර්ධනය, ඒ හා සමගාමීව එම දරුවන්ගේ නායකත්ව කුසලතා හා ආකල්ප සංවර්ධනය තුළින් ස්වයං ආචාර ධර්ම පද්ධතියක් දරුවන් තුළ ඇති කරලීම, දරුවන් තුළ පාසල පිළිබඳ, තමන් උපන් මව්බිම පිළිබද ධනාත්මක ආකල්ප වර්ධනය, දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන්ම මව්පිය භූමිකා සංවර්ධනය හා දැනුවත්භාවය වර්ධනය කීරිම අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා ත්‍රීකුණමලය, කින්නියා හා මූතූර් අධ්‍යාපන කලාප තුනෙහි පාසල් දහයක(10) ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයක් (100) එක්ව සිටියහ.
දමිළ මාධ්‍යය දුවා දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවති අතර, දමිළ මාධ්‍යයෙන් මෙවැනි වැඩසටහන් තුනක් ද, සිංහල මාධ්‍යයෙන් වැඩසටහන් දෙකක් ද, නැගෙනහිර පලාතේ රජයේ සියලු පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
එලෙස දැනුවත් වන දරුවන් හරහා සමස්ත පාසල් පද්ධතියේ සිසු දරු දැරියන් දැනුවත් කිරීමට ද මේ යටතේ සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට නැනෙහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධක්ෂ නිමල්රන්ජන් මහතා, ත්‍රීකුණාමලය කන්තලේ, මූතූර් යන අධ්‍යාපන කලාප කාර්යාල අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ත්‍රීකුණාමලය හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.