ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් සභා සහ පළාත් පාලන ප්‍රගති සමාලෝචන සමුළුව

දිනය
2025 ඔක්තෝබර් 29
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේත් සංකල්පයක් මත පළාත් මට්ටමින් ද පළාත් සභා සහ පළාත් පාලන කටයුතු සමාලෝචනය කිරීම සිදුවිය යුතුය යන අරමුණින් ඇරඹුණු පළාත් ප්‍රගති සමාලෝචන සමුළු මාලාවේ නැගෙනහිර පළාත් සමුළුව ඔක්තෝබර් 28 දින නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේත් සංකල්පයක් මත පළාත් මට්ටමින් ද පළාත් සභා සහ පළාත් පාලන කටයුතු සමාලෝචනය කිරීම සිදුවිය යුතුය යන අරමුණින් ඇරඹුණු පළාත් ප්‍රගති සමාලෝචන සමුළු මාලාවේ නැගෙනහිර පළාත් සමුළුව ඔක්තෝබර් 28 දින නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්‍ය චන්දන අභයරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සඳහා විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ත්‍රීකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර, ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළුව නැගෙනහිර පළාතේ පළාත් පාලන අයතනයන්හි මහජන නියෝජිතයින් සහ පළාතේ සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය වන රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

13 වන සංශෝධනය මගින් පළාත් සභා වෙත බලය හිමි වී තිබුණද අන්තර් ආයතනික සම්බන්ධීකරණය යහපත් ආකාරයකින් සිදු කරගැනීමත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ධ්‍රැවීකරණයකින් තොරව කටයුතු කිරීමත්, පවතින ගැටළු නිරාකරණය කරගැනීමත්, ඉදිරියේදී ගැටළුකාරී තත්ත්වයන් ඇති නොවන අයුරින් කටයුතු කිරීමත් තුළින් නව රජය බලාපොරොත්තු වන සංවර්ධනයත් පොදු ජනතාවගේ සුභ සිද්ධියත් වේගවත් කිරීම උදෙසා පැවැත්වෙන මෙම සමුළු මාලාව පැවැත්වේ.

අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්‍ය අබයරත්න මහතා පැවසූයේ කුමන ආගම ඇදහුව ද කුමන භාෂාව කතා කළ ද මෙය අපේ රට නිසා අපේ රට ගොඩනැගීමේ වගකීම අපට තිබෙන නිසාම ඒ වෙනුවෙන් කැපවෙමු යනුවෙනුත්, මෙය සාමූහික ප්‍රයත්නයක් ලෙස සැලකිය යුතු බවත් ය. මන්දයත් අප ජීවත් වන්නේ ඉතිහාසය නිර්මාණය කිරීමට ලැබුණු අවස්ථාවක බැවින් ජනතාවට මෙවැනි අවස්ථා කලාතුරකින් ලැබෙන බවත් දීර්ඝ කාලීන යුද්ධයකිනුත්, සුනාමි ව්‍යසනයෙනුත්, ආර්ථික අර්බුධයෙනුත් ජීවන තත්ත්වය ඉතාමත් පහළට වැටුණු බවත් ඒ සියලුම අපහසුතාවයන්ට මුහුණ දුන් පිරිසක් ලෙස ඉදිරි පරපුරට නැවත එවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන රටක් නිර්මාණය කිරීම අපේ වගකීම වන බවත් ය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/502-eastern-provincial-session-of-the-provincial-progress-review වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා