පුවත්
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන යටතේ ආකල්ප සංවර්ධන වැඩමුළුව
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ඔක්තෝබර් 27
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන යටතේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආචාරධර්ම ඉහළනැංවීම සඳහා හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා පවත්වනු ලබන ආකල්ප සංවර්ධන වැඩමුළුව
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන යටතේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආචාරධර්ම ඉහළනැංවීම සඳහා හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා පවත්වනු ලබන ආකල්ප සංවර්ධන වැඩමුළුව.
සංචාරකයින් සඳහා සුහදශීලි හා ආරක්ෂාකාරී සේවාවක් ලබාදීමේ අරමුණ සහිතව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිමය ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ආචාරධර්ම දියුණු කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් 2025 වර්ෂයේ දිවයිනම ආවරණය වන පරිදි පළාත් මට්ටමින් පැවැත්වෙන පුහුණු වැඩසටහන් මාලාවේ නැගෙනහිර පළාත් පුහුණු වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් කළමණාකරන සංවර්ධන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිමය ගුණාත්මකභාවය සහ ආචාරධර්ම ඉහළනැංවීම, සංචාරකයින් සඳහා සුහදශීලි, විශ්වාසදායක සහ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් ලබාදීම සහතික කිරීම,අඩු ගුණාත්මක සේවාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම,ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ "ආචාර ධර්ම"කුළුණ යටතේ සමාජයේ සහ සංචාරක සේවා සැපයීමේ ධනාත්මක වෙනසක් ඇති කිරීම මෙහි අරමුණ වේ.
ඒ අනුව ආරම්භක වැඩමුළුව ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ආරම්භ වූ අතර නැගෙනහිර පළාත තුළ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයන්හි ත්‍රී රෝද රැකියාවේ නියුතු මහත්වරුන් සදහා මෙවැනි වැඩමුළු 11ක් සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නාමල් තලංගම,නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලකෙම් මොහාමඩ් ෆයිසාල් මහතා, නැගෙනහිර පළාත් සංචාරක කාර්‍යංශයේ සභාපති ප්‍රියන්ත මලවැන්න මහතා, නැගෙනහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති කිත්සිරි නවරත්න මහතා ඇතුළු නිලධාරින්ද, ත්‍රීකුණාමලය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද,ත්‍රීකුණාමලය ත්‍රීරෝද රථ සංගම්හි සාමාජිකයන්ද එක්ව සිටියහ.