පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ඔක්තෝබර් 17
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
2025 වර්ෂය සඳහා නැගෙනහිර පළාත තුළ පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු විමසා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (16) පෙරවරුවේ නැගෙනහිර පළාත් අමාත්‍යාංශ කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රජය නියමිත පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම ප්‍රතිපාදන නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ දූ දරුවන් හා ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් මෙහිදී අවධාරණය කළේය. පසුගිය කාලයේ රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, නිසි සැලසුමකින් තොරව සිදු කළ ඉදිකිරීම් නිසා විශාල මුදල් නාස්තියක් සිදුවී ඇති බව පෙන්වා දුන් අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මේ පිළිබද දක්වන අවධානය ඉහල දැමිය යුතු බව පෙන්වා දුනි.
පලාත් අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් මේ සදහා සහභාගී විය.