ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 324 ක වියදමින් නව විශේෂඥ වෛද්‍ය ඒකක විවෘත කරන ලදී.

දිනය
2025 සැප්තැම්බර් 22
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ ඉදි කරනු ලැබූ හෘද රෝග ඒකකය (Cardiology Unit) සහ ආමාශ හා ආන්ත්‍රික ඒකකය සහ අක්මා ඒකකය (Gastroenterology Unit) විවෘත කිරීම සැප්තැම්බර් 18 දින සිදු විය.

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ ඉදි කරනු ලැබූ හෘද රෝග ඒකකය (Cardiology Unit) සහ ආමාශ හා ආන්ත්‍රික ඒකකය සහ අක්මා ඒකකය (Gastroenterology Unit) විවෘත කිරීම සැප්තැම්බර් 18 දින සිදු විය.

මහල් 05 කින් යුක්ත හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ සායන, එක්ස් කිරණ ඒකක (X-Ray), ECG පරීක්ෂණ ඒකක, කැතීටරීකරණ රසායනාගාරය (Cath Lab) සහ කිරීටක සත්කාර ඒකකය (CCU), ශල්‍යාගාර, ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) සහ ඇඳන් 80 කින් යුත් වාට්ටුවලින් සමන්විතය.

මෙම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මේ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඉංජිනේරු කේ.එමි.සී. කුරුප්පු, මඩ­ක­ළ­පුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය කේ. ගනේසලිංගමි කලා­රං­ජනී, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මයිතිලි බාර්තෙලොට් යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/486-new-rs-324-million-specialist-units-opened-at-batticaloa-tea වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා