පුවත්
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා නිලධාරීන් නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරයි
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූලි 30
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) මහතා ඇතුළු ලෝක බැංකු දූත පිරිස ඇතුළු සමග කර්මාන්ත අමාත්‍ය හා මඩකලපුව දිස්ත්‍රීක් සම්බන්ධීකරණ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය හා අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ සභාපති වසන්ත පියතිස්ස මහතා හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ සභාපති නියෝජනය කරමින් ත්‍රීකුණාමල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු පිරිස අද දින (30) මඩකලපුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී සාකච්ඡාවක් පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවෙහි නිරත විය. නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රීක්කයන්හි සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීනව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම හා සංවර්ධනය පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු කළහ. නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ලෝක බැංකු නියෝජිතයන් දැනුවත් කළහ.
මෙහිදි ලෝක බැංකුව මගින් ණය මුදලක් ලෙස ලබාදෙන ප්‍රතිපනයන්හි ප්‍රථම වාරිකය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති යෝජනා පිලිබදව ද දිර්ඝව සාකච්ඡා කරන ලදි.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, ත්‍රීකුණාමලය මඩකලපුව අම්පාර යන දිස්ත්‍රීක්කයන්හි දිස්ත්‍රීක් ලේකම්වරු, නැගෙනහිර පළාත් අමාත්‍යාංශ හා දේපාර්තමේන්තු ප්‍රධානීන් හා වගකිව යුතු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි විය.