පුවත්
ත්‍රිකුණාමලයේ ආයෝජන සහ සංවර්ධන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා කොරියානු තානාපතිවරයා හමුවෙයි
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූලි 18
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය අතර හමුවක් අද දින (18) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය අතර හමුවක් අද දින (18) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදි තනාපතිතුමිය විසින් පළාත තුළ පවතින ආයෝජන හා අවස්ථා පිළිබදවද ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කළ අතර, එහිදි පළාත තුළ හා විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කය තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබද ව සාකච්ඡා කරන ලදී.
මෙහිදි ආණ්ඩුකාරතුමා විසින් පළාත තුළ සංචාරක, ධීවර, කෘෂිකාර්මික හා බලශක්තිය වැනි ක්ෂේත්‍ර සදහා ආයෝජනයට සුදුසු පරිසරයක් පැවතීම හා නිශ්පාදන කාර්මාන්ත ශාලා සදහා ද සුදුසු විභවතාවයන් පළාත තුළ හා විශේෂයෙන් ත්‍රීකුණාමලය තුල පවතින බව ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව පළාත තුළ පවතින මත්ද්‍රව්‍ය භාවිතය, ඉඩම් ගැටළු හා යටිතල පහසුකම් වල ප්‍රගතිය පිළිබද මෙහිදි දිර්ඝව සාකච්ඡා වු අතර, තානාපතිතුමිය විසින් Clean Srilanka ව්‍යාපෘතිය පිළිබද ප්‍රසාදය පළකල අතර එහි පාරිසරික මෙන්ම සමාජීය පැතිකඩ පිළිබදව ද ප්‍රසාදය පල කරන ලදී.