ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාතේ 2026 වසර සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව.

දිනය
2025 ජූලි 13
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ නැගෙනහිර පළාත් සාකච්ඡාව අද දින (ජුලී 13) අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මියගේ මූලීකත්වයෙන් නැගෙනහිර පළාත් අධ්‍යපාන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ නැගෙනහිර පළාත් සාකච්ඡාව අද දින (ජුලී 13) අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මියගේ මූලීකත්වයෙන් නැගෙනහිර පළාත් අධ්‍යපාන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මේ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ත්‍රීකුණාමලය දීස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා හා ත්‍රීකුණාමලය දීස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුගදාසන් මහතා මේ සදහා සම්බන්ධ විය.

දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත්, එමෙන්ම පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සිදුවිය යුතු බවත් මෙහිදි අග්‍රාමාත්‍යතුමිය විසින් ප්‍රකාශ කරන ලදී. ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු සම්බන්ධයෙන් ගැටළු පවතින බව හදුනාගෙන ඇති අතර, ඒවා විසඳීම සිදුවිය යුතු බවත්, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දෙස තනි තනියෙන් නොබලා සමස්ථ ක්‍රියාවලියක් ලෙස සිතා බැලිය යුතු බවට අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී. මේ නව ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාවේ යෙදවීමට ගුරුවරුන් පමණක් නොව පරිපාලන ක්ෂේත්‍රය හා දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේම සහාය අත්‍යවශ්‍ය වැඩි දුරටත් පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබා දීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/459-discussion-on-educational-reforms-for-the-year-2026-in-the-e වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා