ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

කලාපීය ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි.

දිනය
2025 ජූනි 25
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා හා දූත පිරිස අද දින (25) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර සාකච්ඡාවක් ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා හා දූත පිරිස අද දින (25) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර සාකච්ඡාවක් ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරත අතර, අද දින පෙරවරුවේ ත්‍රීකුණාමලයේ සිවිල් සංවිධාන හා ආගමික නායකයින් හමුවි සාකච්ඡා කොට පසුව ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහිදි නැවත පදිංචි කිරිම්, අතුරුදහන් වූවන් පිළිබදව, මානව හිමිකම් සුරැකීම පිළිබදව, මත් ද්‍රව්‍ය නිවාරණය හා නැගෙනහිර පළාත තුළ පවතින ඉඩම් ගැටළුව පිළිබදව දිර්ඝව සාකච්ඡා කළ අතර, එහිදි මානව හිමිකම් මහ කොමසාරිස්තුමා වර්තමානයේ ශ්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණ පිළිබද හා දුෂණ විරෝධි ප්‍රතිපත්ති පිළිබද සතුටට පත්වන බවද ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හොමචන්ද්‍ර මහතා, එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා ඇතුළු දූත පිරිස, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් හා අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රීක්කයන්හි දිස්ත්‍රීක් ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/451-un-human-rights-chief-meets-eastern-province-governor-to-dis වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා