ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා, Eylon Pedal Tourism විසින් සංවිධානය කරන ලද පාපැදි සවාරියක්

දිනය
2025 ජූනි 19
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් Eylon Pedal සංචාරක ආයතනය මගින් සංවිධානය කළ පාපැදි සවාරියක් මෙම දින වලදි උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ස්වීඩන් ජාතික සංචාරකයන් පිරිසක් සමග යාපනය සිට ආරුගම්බේ දක්වා පාපැදි සවාරියක් .

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් Eylon Pedal සංචාරක ආයතනය මගින් සංවිධානය කළ පාපැදි සවාරියක් මෙම දින වලදි උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ස්වීඩන් ජාතික සංචාරකයන් පිරිසක් සමග යාපනය සිට ආරුගම්බේ දක්වා පාපැදි සවාරියක් .

ඊයේ දින (18) යාපනයෙන් ආරම්භ වූ අතර, ඊයේ පස්වරුව වන විට ත්‍රිකුණාමලය ළගා වූ අතර එම සංචාරක පිරිස සමග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සුහද සාකච්ඡාවක නිරත විය. එහිදි නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මලවැන්න මහතාද එක්විය. මෙහිදි සංචාරක පිරිස වෙත අප රටේ සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සදහා දරණු ලබන ප්‍රයන්තය පිළිබද ව ස්තූති වන්ත වූ අතර ඔවුන් සමග අත්දැකීම් බෙදා ගනිමින් ලාංකීය හා නැගෙනහිර පළාත් සංචාරක ප්‍රදේශ පිළිබද සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදි සංචාරක පිරිස විසින් අදහස් දැකවීමේ දී ඔවුන් ඔවුනගේ ශ්‍රි ලාංකීය සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමට ලබා දෙන බවත්, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් සිදු කරන බවත්, ලෝකයේ ශ්‍රි ලාංකික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමට කටුයුතු කරන බවත් පැවසීය.

මෙම පාපැදි සවාරිය යාපනයෙන් ආරම්භ වූ අතර, ත්‍රීකුණාමලය, සේරුවිල, කල්කුඩා හරහා ආරුගම්බේ දක්වා ගමන් කර අවසන් කිරීමට නියමිතය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/449-promoting-tourism-in-sri-lanka-a-cycling-tour-organized-by-e වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා