පුවත්
අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 මැයි 28
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (27දා) අම්පාර දිස්ත්‍රික් ඒ.අයි. වික්‍රම ශාලාවේ දී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (27දා) අම්පාර දිස්ත්‍රික් ඒ.අයි. වික්‍රම ශාලාවේ දී පැවැත්විණි.
2025 මහ කන්නයේ වගා කටයුතු පිළිබඳ එහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා අදහස් දැක්වීය. ඉන්පසුව අම්පාර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබදව එතුමන් විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,
“පිරිසිදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන, “ග්‍රාමීය දුප්පත් බව තුරන් කිරීමේ” වැඩසටහන, “ඩිජිටල්කරණය” වැඩසටහන පිළිබඳව අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමුටු සභාපති,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා අදහස් දැක්වීය.
අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන් හා ළමයින් සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය හා මතුව ඇති ගැටලු පිළිබඳව අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් ජෙගරාජන් මහතා විසින් අවධාරණය කෙරිණි.
දිස්ත්‍රික් මට්ටමින් දේශීය හා විදේශීය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කළ අතර, 2025 වර්ෂයේ අම්පාර දිස්ත්‍රික් ව්‍යාපෘති පිළිබදව අම්පාර දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂතුමන් විසින් කරුණු ඉදිරිපත් කළේය. එහිදි ප්‍රමුඛතාගත කරණය අනුව ව්‍යාපෘති යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන අදාළ ව්‍යාපෘතිය සහ පළාත් වාරිමාර්ග අධ්යක්ෂ විසින් ඒකාබද්ධ ජලධාරා සහ ජල සම්පත් කලමණාකරන ව්‍යාපෘතියේ ප්‍රගතිය ද ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව අම්පාර අධ්‍යාපන කලාපයට අයත් දෙමළ විදුහලේ පාසැල් භූමියෙන් කොටසක් වෙනත් ආයතනයකට පැවරීම, ගල්ඔය ගඟේ වැලි බලපත්‍ර ලබාදි වැලි ගොඩ දැමීම නිසා ගං ඉවුරු විනාශයට පත්වීම, පොතුවිල් කනගර් ගම්මානය ජනාවාසයක් තත්ත්වයට පත් කිරීම, අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ධීවරයන් දෙදෙනකු මාළු ඇල්ලීම සදහා මුහුදු ගොස් එන්ජින් බෝට්ටුව හානියට ලක්වීමෙන් එක් අයකුගේ ජීවිතය අහිමි වීම සහ අනෙක් අය දින කීපයකට පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන් හමුවීම, මොවුන්ට වන්දි ලබාදීම සහ හානියට පත් එන්ජින් බෝට්ටුව වෙනුවෙන් වන්දි ලබාදීම, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්ක වලට අදාලව බහුදින ධීවර යාත්‍රාවලින් මසුන් අල්ලන ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න ගැඔුර මුහුදේ දී හොරකම් කිරීමට අදාලව කඩිනමින් නීතිමය පියවර ගැනීම, පොතුවිල් මුහුදු මහා විහාරස්ථ “විහාර මහාදේවී ආදර්ශ ගම්මානය” නමින් ගම්මානයක් ඉදිකිරීම ආදී බොහෝ ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මේ ආකාරයට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන්, සහ අනුමැතිය ලබා ගතයුතු ව්‍යාපෘතීන් මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්ත විජේරත්න මහතා, පාර්ලිමේනතු මන්ත්‍රී මුතුමැණිකේ රත්වත්තේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්භාවා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදුමා ලෙබ්බේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. තාහීර් මහතා ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නැගෙනහිර පළාත් ලේකම් සී.එන්. තලංගම මහතා, අම්පාර දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් ජෙගරාජන් මහතා, පලාත් ලේකම්වරුන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.