පුවත්
ගරු ආණ්ඩුකාරවරයා ජාතික ආරක්ෂක විද්‍යාලයේ පුහුණුව ලබන ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 අප්‍රේල් 8
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ආරාක්ෂක විද්‍යාලයේ පුහුණුව ලබන ආරක්ෂක නිළධාරීන් පිරිසක් අතර හමුවක් අද දින (08) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ආරාක්ෂක විද්‍යාලයේ පුහුණුව ලබන ආරක්ෂක නිළධාරීන් පිරිසක් අතර හමුවක් අද දින (08) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. ආරක්ෂක නිළධාරීන් තම අධ්‍යන කාලය තුළ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වු අවස්ථාවේ ආණ්ඩුකාරතුමා සමග හමුවක් සදහා සහභාගි විය.
මෙහිදි ආණ්ඩුකාරතුමා විසින් නැගෙනහිර පළාත තුළ පවතින සමාජිය හා ආරක්ෂක තත්ත්වය පිළිබද දැනුවත් කළ අතර පළාත තුළ පවතින ගැටළු හා ඒ සදහා ආරක්ෂක අංශයේ මැදිහත්වීම කෙබදු විය යුතුද පිළිබද අදහස් දැක්වීය.