செய்திகள்
බස් රථ හිමියන් සඳහා රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) දායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- வழங்கியது
- போக்குவரத்து அதிகாரசபை
- திகதி
- 1 ஒக்டோபர் 2026
இந்தப் பக்கத்தின் தமிழ் பதிப்பு விரைவில் சேர்க்கப்படும். அதுவரை, மூல ஆங்கில பதிப்பு கீழே காட்டப்பட்டுள்ளது.
ම්පාර දිස්ත්‍රික්කයේ බස් රථ හිමියන් සඳහා වන දැනුවත් කිරීමේ වැඩමුළුව 2026.10.01 දින පෙ.ව. 9.30ට අම්පාර නගරයේදී සිංහල මාධ්‍යයෙන් පවත්වන ලදී.
බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) දායක මුදල් ගෙවීම සම්බන්ධයෙන් බස් රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුව
ගරු ප්‍රවාහන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවලදී, බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා අනිවාර්යයෙන් සාමාජිකත්වය ලබා ගැනීම සහ ඊට අදාළ දායක මුදල් නිසි පරිදි ගෙවීම සහතික කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල නියෝජනය කරන නිලධාරීන්, පළාත් ප්‍රවාහන අධිකාරීන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.07.15 දින ප්‍රවාහන අමාත්‍යාංශයේදී දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් වෙනුවෙන් EPF සහ ETF දායක මුදල් ගෙවීම සම්බන්ධයෙන් බස් රථ හිමියන් සතු වගකීම් පිළිබඳව තවදුරටත් දැනුවත් කිරීම අවශ්‍ය බැවින්, දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් තීරණය කර ඇත.
ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ බස් රථ හිමියන් සඳහා වන දැනුවත් කිරීමේ වැඩමුළුව 2026.10.01 දින පෙ.ව. 9.30ට අම්පාර නගරයේදී පවත්වන ලදී.